.....මේ හැම දේම එක තැනකට ගෙන්නයි මේ වැයම.....


අද්දැකිම්.....මතකයන්.....හිත ගිය තැන්.....ඉගෙන ගත්තු දේවල්.....

Nokia phone firmware updating 1

                     මේ කියන විදිය නොකියා phone වලට තමයි ගැලපෙන්නෙ.එ වගේම තමයි මේ ක්‍රමය අලුත් phone වලට තමයි හරියන්නේ.අලුත් කියන්නේ phone එක කේබල් එකක් යොදා ගෙන පරිගනකයට සම්බන්ද කරලා Nokia pc suite මෘදුකාංගය මගින් විවෘත කරන්න පුලුවන් නම් වැඩේ ගැන 98% විශ්වාසයක් තියා ගන්න පුලුවන්. මොකද Nokia pc suite මෘදුකාංගය මගින් විවෘත කරන්න පුලුවන් වෙලා flash කරන මෘදුකාංගය මගින් විවෘත කරන්න බැරි උන අවස්ථා මට හමු වෙලා තියෙනවා.නමුත් ඒ  phone සැහෙන්න පරනයි.
              මුලින්ම phone එකේ මේ නම්බරය ඩයල් කරන්න.එතකොට මේ වගේ විස්තරයක් එනවා.මේ තියෙන්නෙ මගේ phone එකේ විස්තරය.

V07.10  (මේ තියෙන්නේ software version එක)
30-07-09  (මේ තියෙන්නේ software release date එක)
RM-243 (Internal model number for WCDMA)
Nokia 6120c(B14.83)   (වර්ගය ගැන තවත් ව්ස්තර)

ඊට පස්සෙ බැටරිය ගලවලා බලන්න.එතන තව නොම්මර වගයක් තියේවි.හොදට බලලා අංක 7 ක් තියෙන නම්බරය ලියා ගන්න.

මේ වගේ නම්බරක්  0547590.මේ නම්බරයත් ඕනා වෙන්න පුලුවන්.(variant no)

    දැන් තියෙන්නෙ  phone එකට හරියන firmware එක භාගත කිරිම තමයි.මේක තමයි ටිකක් වෙලා යන වැඩේ.මොකද ලංකාවේ අනතර් ජාල සම්බන්දතා වල වේගය ගැන අපි කවුරුත් දන්නවනේ.
      වැඩේට කලින් මම දාලා තියෙන "NOKIA phone වර්ග ගැන දැන ගන්මු." ලිපිය කියවලා එන්න. එතකොට firmware එක භාගත කර ගන්න වැඩේ ලේසි වෙනවා.මොකද ඉක්මනට තමන් යන්න ඕනා තැන දන්න නිසා.
       මම මේ වගේ භාගත කිරිම් වලට යන්නේ www.blue-nokia.com කියන අන්තර් ජාල වෙබ් අඩව්යට. මේක සම්පුර්ණයෙන්ම නිදහස් වෙබ් අඩව්යක්.Account හදන්න ඕනා නැ.මුලින්ම මේ වෙබ් අඩව්යට යන්න.




දැන් ඊතලයෙන් දක්වලා තියෙන තැන click කරන්න.


මෙතනදි තමන්ට අදාල වෙන්නේ කොතනද කියලා දැන් දන්නවනේ.( "NOKIA phone වර්ග ගැන දැන ගන්මු." ).මම මට අදාලව කරලා පෙන්නන නිසා මම click කරන්නේ BB5 මත හරිනේ.



ඊට පස්සේ මගේ phone එක උඩ.



එතකොට ඉහල පිටුවට සමාන පිටුවක් ලැබේව්.මෙතන සංස්කරන ගොඩාක් තියෙනවනේ.පහන කරුණු සලකලා බලලා භාගත කිරිම සිද්ධ කරන්න.
  1. වරහන් ඇතුලේ APAC කියලා සදහන් කරපු සංස්කරනයක් තොරා ගන්න.
  2. ලගදිම නිකුත් කරපු සංස්කරනයක් තොරා ගන්න එපා.මට ආදාලව නම් මම තොරා ගන්නේ 6.51 v34  හරි 7.02 v37 යන දෙකෙන් එකක්.ඒ ඇයි කියලා ඉස්සරහට යනකොට කියලා දෙන්නම්.
 දැන් download මත click කරන්න.අන්තිමට Rapidshare වෙබ් අඩවියට එන්න ඕනා හරිනේ.



දැන් ඉතින් free user මත click කරලා භාගත කර ගන්න.දැන් තියෙන්නේ flash මෘදුකාංග ලබා ගැනිම සහ flash කිරිම.ඊලග ලිපියෙන් ඒ ටික බලමු.

10 comments:

  1. දැන ගන්න යමක් තියේ නම් comment එකක් දාලා යන්න.භාෂාව ගැටලුවක් නැ English,සිංහල,Singlish ඕන එකක්....

    ReplyDelete
  2. Nokia phone firmware update kalama tiyena wasiya mokakda?

    ReplyDelete
  3. වරහන් ඇතුලේ APAC කියලා නෑනේ...
    mage phone 1 nokia 3120 classic

    ReplyDelete
  4. අඩෝ එලනෙ.. මමත් මේ firmware හොය හොය හිටියෙ..

    ReplyDelete
  5. To Anonymous
    Phone එකේ software release date එක අලුත් වෙනවා. ලගදි ගත්තු එකක් වගේ.කතා කරලා තියෙන කාලය (Life time) එක බිංදුවක් වෙනවා.Software errors නිවැරදි වෙනවා.Phone එක අලුතෙන් ගත්ත එකක් වගේ තමය් ඉතින්.
    APAC එවා තමයි අපිට හරියන්නේ.මම එක ටිකක් බලලා හරියන එකක් කියනනමි.මම Phone 10 ක් විතර flash කරා එවගේ application errors තිබුනේ.ඔක්කොම හරි ගියා.

    ReplyDelete
  6. To Kanishka | කණියා

    gsm forum එකටත් ගිහින් බලන්න.එකේත් link තියෙනවා හොදද...

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. To Anonymous
    මට ඔයාගේ ෆොන් එකේ imei නම්බ එකයි variant no එකයි දෙන්න පුලුවන්ද?comment එකකින් දාන්න කැමති නැතිනම් email කරනවද?
    *#06# dial කලාම imei නම්බ එක බලන්න පුලුවන්.

    ෆොන් එකේ බැටරිය ගලවපුවාම නොම්මර වගයක් තියේව්.එතන අංක 7 ක් තියෙන එක තමා variant no එක.

    *#0000# dial කලාම එන තොරතුරු ටිකත් එවන්න ඒ වත් එක්ක.

    ReplyDelete
  9. ado nokia n95 1kata sinhala danne kohomda?

    mata me email 1kata mail 1kak danawada?

    mahima2md88@gmail.com
    Plzzz

    ReplyDelete
  10. නියමයි මචන්.......ඉක්මනට අපිට ඉතුරු ‍ටුකත් දෙන්න

    ReplyDelete