Laptop,Laptop,Laptop මේ සිහිනය ගොඩක් කල් ඉදලා තිබුන සිහිනයක්.මගේ ආදරණිය දේමාපියො මහා ධනවත්තු නොවන නිසා ඉල්ලිම ඉදිරිපත් කරලා කාලයක් බලන් උන්නා.කොහොම හරි ගිය දෙසැම්බර් වල ඉල්ලිමට පිලිතුරු ලැබුනා.මගේ මට්ටමේ හැට්යට මම Hp mini Lap එකකින් මම සැහිමකට පත් වෙන්න තිරණය කලා.අපිත් දෙමාපියො ගැන හිතන්න ඕනනේ..කොහොම හරි ගත්තා ඔන්න.මෙහෙමයි පහසුකම්.
1.6Ghz Intel Atom Processor
1 GB Ram
160 GB Hard Disk
128 MB VGA (Win 7 වලදි ම්ට වඩා වැඩි)
10.1 Inch Screen
Web Cam
Windows XP Home Edition (Genuine)
No CD or DVD Rom
3 USB Port
Memory Card Slot
Head set & Mic in one jack
Sim card Slot (Not Working)
3 Cell Battery (In Win 7 Can Use 2.5Hr Or More)
ඔහොම තමයි පහසුකම්.ගාන රු.48000.00 යි.unity එකෙන් ගත්තේ.බැග් එකක් නම් නැ.එත් මම කඩෙන් රු.400.00 කට බැග් එකක් ගත්තා.එක නියමයි.Lap එකක් දාගෙන යනවා කියලා කාටවත් හොයන්න වත් බැ.
ගත්තට මොකෝ එක partition එකයි මුලු Hard Disk එකම.කණියා කිවා වගේ මටත් වැඩි කල් යන්න කලින් එපා උනා.මොනා කරන්නද ඉතින් Genuine නිසා හැම දේම ඉවසුවා.එත් වැඩි කලකට නෙමේ.ඔන්න ඔහොම ඉන්නකොට තමයි කණියා Win 7 ගැන ලොකු වර්ණනාවක් කලේ.Win 7 ගැන හොදමයි කිවේ.එක අහපු මට Win 7 දාන්නමයි හිතුනේ.එත් එකට බාධක දෙකයි.එකක් මේකේ No CD or DVD Rom.අනික මේකෙ තියෙන්නෙ Atom processor එකක්.Win 7 වගේ ලොක්කෙක් මේකේ දුවයිද? අන්තිමට මම Atom ගැන නොසිතා දාන්න තිරණය කලා.එත් ඊට කලින් පලවෙනි බධකයට උත්තර හොයන්න ඕනනේ...අන්තර් ජාලයේ සැරි සරලා usb pen එකෙන් windows දාන්න හදන්න පුලුවන් මෘදුකාංගයක් හොයා ගත්තා.හිතට මාර සතුටුයි.
මුලින්ම partition කරන මෘදුකාංගයක් භාවිතා කරලා Hard Disk එක කොටස් වලට කැඩුවා.Win 7 DVD එකක් හදා ගෙන DVD Rom එකක් තියෙන පරිගනකයකට ගිහින් අර හොයා ගත්තු මෘදුකාංගය එකට දාලා එක භාවිතා කරලා Win 7, pen(4GB) එකට ඇතුලු කර ගත්තා.ඉට පස්සෙ Lap එකේ bios එහෙම හදලා වැඩේ පටන් ගත්තා.
අනේ.... 55% යනකොට වැඩේ නවතිනවා.DVD එක හොද නැ කියලා කියනවා.ආයෙ pen එකට දාලා ආයෙ වැඩේ කලා.පෙර සේමයි..මගෙ DVD එක හොදයි.එක මට ෂුවර්.ඉට පස්සේ කරන්න තියෙන හැම විදියටම බැලුවා .හරියන්නේ නැ.අවසාන විසදුම ලෙස Genuine කම අමතක කරලා full format එකක් දිලා නැවත දාන්න තිරණය කලා.ඒ තරම් Win 7 ගැන ආසාවක් ඇති වෙලයි තිබුනේ. හරි ඒ පාර නමි වැඩේ සාර්ථකයි .Atom processor ගැන හිතලා win 7 Home Basic තමයි දැම්මේ.කණියා හොද Windows 7 Loader එකක link එකක් දුන්න. එකෙන් Win 7 Genuine කලා.කණියාගේ කතා ටික ඇත්තනේ.Win 7 ගැන සැහෙන්න පැහැදුනා.xp වලට වඩා ගොඩාක් හොදින් සාර්ථකව Win 7 HP MINI එකේ වැඩනේ.මේ ගැන කියන්න දේවල් බොහොමයි.එවත් ඉක්මනට දාන්නම්කො.MINI Lap එකක් ගන්න ඉන්නවා නම්
දැන ගන්න දේවල් තියෙනවා නම් අහන්න.කියලා දෙන්නම් මගේ උපරිමෙන්ම.....
ඕක laptop එකක් නෙවෙයි netbook එකක් නේද?
ReplyDeleteTo nadeesthoughts
ReplyDeleteඔව් ඔයා හරි.මම ඒක ගැන එච්චර හිතුවේ නැ.ඔයා හරි හොදද..
Windows 7 වල තියෙන හොඳේ තමා.. vista එහෙම දැම්මා නං වාතයක් වෙනවා :D
ReplyDeletepen eken windows dana sofwear 1 mokadda.apitath depanko...
ReplyDeletenetbooks දැන් ටික ටික ලංකාවෙ ජනප්‍රිය වේගෙන යනව, මොකද අඩු මිල නිසා.
ReplyDeleteදැන් netbook market එක අඩුවෙලා ඇමරිකාවෙනම්. අළුත්ම උනන්දුව tablet pc වලටනෙ. (iPad, HP Slate)
ReplyDeleteNetbook වලට දාන්නෙ Windows 7 Starter. UNR (Ubuntu Netbook Remix) මරු කියලත් කියනවා. මම නම් UNR පාවිච්චි කරලා නැත.
net book එකක battery කොච්චර වෙලා තියෙනවද ?
ReplyDeleteපෙන් එකෙන් වින්ඩෝස් දාන්න
ReplyDeletehttp://www.sahanw.co.cc/2010/02/win-to-flash.html
To Anonymous
ReplyDeleteකණියගේ කියපු එක තමයි මමත් කිවේ....
To nadeesthoughts
ReplyDeleteWindows 7 Starter මමත් දැම්මා.එච්චර සාර්ථක නැ හැබැයි.
Ubuntu Netbook Remix එකත් හොදයි.නරක නැ.7 වාගේ නම් නැ මට..
To isuru sanjeewa
ReplyDelete3 cell battery 2.5Hr or 3Hr
6 cell battery 5Hr or 5.5Hr වගේ තමයි.කොහොම උනත් කරන වැඩේ අනුව එක වෙනස් වෙනවා.විඩියෝ බලනවා නමි ඉක්මනට බහිනවා.
තමන්ගේ අවශ්‍යතාව අනුව laptop,netbook,ipad,hp slate තෝර ගන්න.. ලංකාවේ මිනිස්සු දන්නේ නැත්තෙත් ඕක තමයි.. ලංකාවේ ට්‍රෙන්ඩ් එක ගාන වැඩිම ලස්සනම එක ගන්න එකනේ..
ReplyDeleteTharindu =>
ReplyDeleteMachan matath thiyenne HP Mini 1k thamayi,
mata poddak kiyanavada ara bios hadana seen 1,,
This comment has been removed by the author.
ReplyDeleteමගෙත් netbook(win 7stater) එකක් තමා තියන්නේ.. හොද පොඩි එකා වාගේ වැඩ....
ReplyDelete