.....මේ හැම දේම එක තැනකට ගෙන්නයි මේ වැයම.....


අද්දැකිම්.....මතකයන්.....හිත ගිය තැන්.....ඉගෙන ගත්තු දේවල්.....

Windows 7 All In One DVD එකක් හදමු.

මේන්න මේ දේවල් ට්ක උවමනා කරනවා මේ වැඩේට...

*Windows 7 DVD/ISO (x86 and x64)
ඔබට කැමති Edition එකක් (Starter, Home Basic, Home Premium,
Professional and Ultimate) තොරා ගන්න  පුලුවන්.මොකද ඔය හැම DVD/ISO එකකම
සියලුම Edition ඇතුලත්ව තියෙන නිසා.නමුත් ඔබට x86 සහ x64 යන වර්ග දෙකෙන්ම උවමනා
නම් ඔබට සිදුවෙනවා එම වර්ග දෙකෙන්ම DVD/ISO File දෙකක් ලබා ගන්න.

*Windows Automation Installation Kit (WAIK for Windows 7)

වැඩේ කරන්න නම් මේ ට්ක ඇති.Windows 7 දාලම බලනවා නම් මේ ට්කත් ඕනා හොදද...

*Blank DVD නැතිනම් 4GB Pen එකක්.

*Pen එක Use කරනවා නම් WinToFlash වගේ Software එකක්

මේ වැඩේ අමාරුම ට්ක තමා Windows Automation Installation Kit එක භාගත කර
ගන්න එක තමයි මොකද එක 1.7GB විතර වෙනාවා.හරි එකත්  භාගත කර ගත්තා කියමුකො නේද.එහෙනම් වැඩේ
පටන් ගමු.

1.WAIK install කර ගන්න.

2.පහත රුපයේ අකාරයට folders හදා ගන්න.


MY LIFE......


                                    අම්මියෝ බ්ලොග් එක පැත්තේ එන්න බැරි උනානේ සැහෙන කාලෙකින්.යාලුවො තරහ වෙලා නැතුව ඇති කියලා ඇති කියල නම් හිතනවා.මේකයි අන්තිම ලිපිය දැම්මට‍ පස්සේ Campus එකේ Final Exam පටන් ගත්තා.එක ඉවර වෙනකොට Training පටන් ගත්තා.ඉතින් ලිපියක් දාන්න තරම් නිදහසක් හොයා ගන්න නැ යාලුවනේ.හැමදාම බොඩිමට එනකොට 7pm විතර වෙනවා.ඉතින් ඔහොම කාලේ ගත උනා.දැන් Training වල මාස 2 කුත් ඉවර උනා. Exam Result අවා.හැමදාම මේම කරලා බැනේ නේද යාලුවනේ.....
                       ඉතින් යාලුවනේ මගේ Training එක ගැන නොකියම බැ..මේ මගේ පලවෙනි Training එක.මෙතන මාස 6 ක් ඉන්න ඕනා. ඉට පස්සේ තව තැනක ආයේ මාස 6 ක් ඉන්න ඕනා.NDT ගැන දන්න අය නම් ඕක දන්න‍වනේ ඉතින්.
                       මගේ පලවෙනි Training එකට මම තොර ගත්තේ
ZTE Lanka (Pvt) Ltd ආයතනය.

                       හරි දන්න අයට නම් දැන් මතක් වෙන්න ඕනා ZTE එක ගැන. ZTE Head Office එක තියෙන්නෙ Nawam Mawatha, Gangarama, Colombo 2.ඉතින් අපි හැමදාම උදේ 9 වෙනකොට මෙතනට වාර්තා කරන්න ඕනි. ZTE Lanka (Pvt) Ltd ආයතනය ලංකාවේ Projects කිහිපයකම වැඩ සිද්ධ කරනවා.එවා තමයි

Ø Hutch 2G Project
Ø Hutch sites Maintenance
Ø Hutch 3G Project
Ø Sri Lanka Telecom (SLT) CDMA Project
Ø Mobitel Project
                       මේවා අතරින් පලවෙනි 3 එක්කම මට වැඩ කරන්න ලැබුනා. වැඩිපුරම ඉතින් Hutch sites Maintenance.මේ මාස දෙකට මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.අනේ මන්දා පොඩ් දා ඉදලම අසාව තිබුනේ Telecommunication පැත්තට.එ දවස් වල කණුවක් (Tower) පෙන්නන්න බැ.තාමත් එම තමා ඉතින්.එ අසාවේ තරමක් දුරට මේ මාස දෙකට  ඉටු උනා කියලා නම් හිතට පොඩි සතුටක් තියෙනවා.
                       BTS (Base Transceiver Station) කියලා ඉගෙන ගත්තට ඇත්තටම මේ මොකද්ද කියලා ඉගෙන ගත්තේ මේහෙදි තමා ඉතින්.එ වගේම මේ හැම දෙයක්ම කියලා දෙන ZTE Hutch අයියලා ටිකත් මේ වෙලාවේ මතක් කරන්න ඕනා.
                       Hutch sites Maintenance වලට රට වටේම යන එක තමා මේ දවස් වල මගේ රාජකාරිය.ගිහින් කරන වැඩ නම් ලියලා වැඩක් නැනේ යාලුවනේ මොකද ඒ දේවල් වලට හැමොම කැමති නැනේ.
                       ඉතින් යාලුවනේ ඔන්න ඕම තමයි මේ දවස් වල මගේ Life එක.ඉක්මනටම Phone Subject එකේ ලිපි දාන්නම හොදද.. මේ දේවල් වලට ආස අය ඉන්නවා නම් කියන්න ඒ වගේම ඕන දෙයක් අහන්න මම දන්න දෙයක් නම් ඉතාම කැමැත්තෙන් කියලා දෙන්නම් හොදද.............