.....මේ හැම දේම එක තැනකට ගෙන්නයි මේ වැයම.....


අද්දැකිම්.....මතකයන්.....හිත ගිය තැන්.....ඉගෙන ගත්තු දේවල්.....

Hp miniයේ වැඩ හිතන තරම් mini නැ....

                                   Laptop,Laptop,Laptop මේ සිහිනය ගොඩක් කල් ඉදලා තිබුන සිහිනයක්.මගේ ආදරණිය දේමාපියො මහා ධනවත්තු නොවන නිසා ඉල්ලිම ඉදිරිපත් කරලා කාලයක් බලන් උන්නා.කොහොම හරි ගිය දෙසැම්බර් වල ඉල්ලිමට පිලිතුරු ලැබුනා.මගේ මට්ටමේ හැට්යට මම Hp mini Lap එකකින් මම සැහිමකට පත් වෙන්න තිරණය කලා.අපිත් දෙමාපියො ගැන හිතන්න ඕනනේ..කොහොම හරි ගත්තා ඔන්න.මෙහෙමයි පහසුකම්.

1.6Ghz Intel Atom Processor
1 GB Ram
160 GB Hard Disk
128 MB VGA (Win 7 වලදි ම්ට වඩා වැඩි)
10.1 Inch Screen
Web Cam
Windows XP Home Edition (Genuine)
No CD or DVD Rom
3 USB Port
Memory Card Slot
Head set & Mic in one jack
Sim card Slot (Not Working)
3 Cell Battery (In Win 7 Can Use 2.5Hr Or More)

                                         ඔහොම තමයි පහසුකම්.ගාන රු.48000.00 යි.unity එකෙන් ගත්තේ.බැග් එකක් නම් නැ.එත් මම කඩෙන් රු.400.00 කට බැග් එකක් ගත්තා.එක නියමයි.Lap එකක් දාගෙන යනවා කියලා කාටවත් හොයන්න වත් බැ.
                                   ගත්තට මොකෝ එක partition එකයි මුලු  Hard Disk එකම.කණියා කිවා වගේ මටත් වැඩි කල් යන්න කලින් එපා උනා.මොනා කරන්නද ඉතින් Genuine නිසා හැම දේම ඉවසුවා.එත් වැඩි කලකට නෙමේ.ඔන්න  ඔහොම ඉන්නකොට තමයි කණියා  Win 7 ගැන ලොකු වර්ණනාවක් කලේ.Win 7 ගැන හොදමයි කිවේ.එක අහපු මට  Win 7 දාන්නමයි හිතුනේ.එත් එකට බාධක දෙකයි.එකක් මේකේ  No CD or DVD Rom.අනික මේකෙ තියෙන්නෙ Atom processor එකක්.Win 7 වගේ ලොක්කෙක් මේකේ දුවයිද? අන්තිමට මම Atom ගැන නොසිතා දාන්න තිරණය කලා.එත් ඊට කලින් පලවෙනි බධකයට උත්තර හොයන්න ඕනනේ...අන්තර් ජාලයේ සැරි සරලා usb pen එකෙන්  windows දාන්න හදන්න පුලුවන් මෘදුකාංගයක් හොයා ගත්තා.හිතට මාර සතුටුයි.
                                   මුලින්ම  partition කරන මෘදුකාංගයක් භාවිතා කරලා  Hard Disk එක  කොටස් වලට කැඩුවා.Win 7 DVD එකක් හදා ගෙන  DVD Rom එකක් තියෙන පරිගනකයකට ගිහින් අර හොයා ගත්තු මෘදුකාංගය එකට දාලා එක භාවිතා කරලා  Win 7, pen(4GB) එකට ඇතුලු කර ගත්තා.ඉට පස්සෙ  Lap එකේ  bios එහෙම හදලා වැඩේ පටන් ගත්තා.
         අනේ.... 55%  යනකොට වැඩේ නවතිනවා.DVD එක හොද නැ කියලා කියනවා.ආයෙ pen එකට දාලා ආයෙ වැඩේ කලා.පෙර සේමයි..මගෙ  DVD එක හොදයි.එක මට ෂුවර්.ඉට පස්සේ කරන්න තියෙන හැම විදියටම බැලුවා .හරියන්නේ නැ.අවසාන විසදුම ලෙස  Genuine කම  අමතක කරලා full format එකක් දිලා නැවත දාන්න තිරණය කලා.ඒ තරම්  Win 7 ගැන ආසාවක් ඇති වෙලයි තිබුනේ. හරි ඒ පාර නමි වැඩේ සාර්ථකයි .Atom processor ගැන හිතලා  win 7 Home Basic තමයි දැම්මේ.කණියා හොද  Windows 7 Loader එකක  link එකක් දුන්න. එකෙන්  Win 7 Genuine කලා.කණියාගේ කතා ටික ඇත්තනේ.Win 7 ගැන සැහෙන්න පැහැදුනා.xp වලට වඩා ගොඩාක් හොදින් සාර්ථකව  Win 7 HP MINI එකේ  වැඩනේ.මේ ගැන කියන්න දේවල් බොහොමයි.එවත් ඉක්මනට දාන්නම්කො.MINI Lap එකක් ගන්න ඉන්නවා නම්
දැන ගන්න දේවල් තියෙනවා නම් අහන්න.කියලා දෙන්නම් මගේ උපරිමෙන්ම.....

15 comments:

  1. ඕක laptop එකක් නෙවෙයි netbook එකක් නේද?

    ReplyDelete
  2. To nadeesthoughts
    ඔව් ඔයා හරි.මම ඒක ගැන එච්චර හිතුවේ නැ.ඔයා හරි හොදද..

    ReplyDelete
  3. Windows 7 වල තියෙන හො‍ඳේ තමා.. vista එහෙම දැම්මා නං වාතයක් වෙනවා :D

    ReplyDelete
  4. pen eken windows dana sofwear 1 mokadda.apitath depanko...

    ReplyDelete
  5. netbooks දැන් ටික ටික ලංකාවෙ ජනප්‍රිය වේගෙන යනව, මොකද අඩු මිල නිසා.

    ReplyDelete
  6. දැන් netbook market එක අඩුවෙලා ඇමරිකාවෙනම්. අළුත්ම උනන්දුව tablet pc වලටනෙ. (iPad, HP Slate)

    Netbook වලට දාන්නෙ Windows 7 Starter. UNR (Ubuntu Netbook Remix) මරු කියලත් කියනවා. මම නම් UNR පාවිච්චි කරලා නැත.

    ReplyDelete
  7. net book එකක battery කොච්චර වෙලා තියෙනවද ?

    ReplyDelete
  8. පෙන් එකෙන් වින්ඩෝස් දාන්න

    http://www.sahanw.co.cc/2010/02/win-to-flash.html

    ReplyDelete
  9. To Anonymous
    කණියගේ කියපු එක තමයි මමත් කිවේ....

    ReplyDelete
  10. To nadeesthoughts
    Windows 7 Starter මමත් දැම්මා.එච්චර සාර්ථක නැ හැබැයි.
    Ubuntu Netbook Remix එකත් හොදයි.නරක නැ.7 වාගේ නම් නැ මට..

    ReplyDelete
  11. To isuru sanjeewa
    3 cell battery 2.5Hr or 3Hr
    6 cell battery 5Hr or 5.5Hr වගේ තමයි.කොහොම උනත් කරන වැඩේ අනුව එක වෙනස් වෙනවා.විඩියෝ බලනවා නමි ඉක්මනට බහිනවා.

    ReplyDelete
  12. තමන්ගේ අවශ්‍යතාව අනුව laptop,netbook,ipad,hp slate ‍තෝර ගන්න.. ලංකාවේ මිනිස්සු දන්නේ නැත්තෙත් ඕක තමයි.. ලංකාවේ ට්‍රෙන්ඩ් එක ගාන වැඩිම ලස්සනම එක ගන්න එකනේ..

    ReplyDelete
  13. Tharindu =>

    Machan matath thiyenne HP Mini 1k thamayi,
    mata poddak kiyanavada ara bios hadana seen 1,,

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. මගෙත් netbook(win 7stater) එකක් තමා තියන්නේ.. හොද පොඩි එකා වාගේ වැඩ....

    ReplyDelete